මහින්ද රාජපක්ෂ(Mahinda Rajapaksha)

. Posted in දේශපාලඥ‍යන්

ජීවන තොරතුරු

ජනාධිපති ආචාර්ය මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයාය. ඔහු සුප්‍රසිද්ධ දේශපාලන පරපුරකින් පැවතෙන්නෙකි. 1930 ගණන්වල දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය මන්ත්‍රණ සභිකයෙකු වූ රුහුණේ සිංහයායන විරුදාවලි ලත් ඩී. එම්. රාජපක්ෂඔහුගේ මාමණ්ඩිය යි. වත්මන් ජනාධිපතිවරයා ද භාවිතා කරනු ලබන ආකාරයේ කුරහන් පැහැති සාටකයක් පැළඳි ඔහු එමගින් තමාගේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ගය විදහා දැක්වී ය. වසර 30 තිස්සේ පැවති කුරිරු අමානුෂික කොටි ත්‍රස්තවාදය ලංකාවෙන් තුරන් කිරීම සඳහා මානූෂික මෙහෙයුමක් දියත් කර, වසර 3ක් තුළ කොටි සහමුලින් ම තුරන් කිරීමෙන් ඒකීය ලංකාවක් නිර්මාණය කළ අසහාය සේනාධිනායකයා මොහු ය. යුද ජයග්‍රහණයෙන් පසු 2010 ජනවාරී 26 දින පැවති ජනාධිපතිවරණයේ දී තමා විසින් ම පත් කරන ලද සරත් ෆොන්සේකා නම් හිටපු හමුදාපතිවරයා සමග තරගයට පිවිස ඔහු ඉදිරිපත් කල සියළු චෝදනා පරාජය කරමින් ජයග්‍රහණය ලබා නැවතත් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති බව‍ට පත්වීය.

කීර්තිමත් දේශපාලන චරිතයක් වන ඩී.ඒ.රාජපක්ෂ මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියාය. ඔහු අවංක, උද්‍යෝගිමත්, ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් වූ අතර තම සොහොයුරා මෙන් ම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකාවේ දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් විය.

ශිරන්ති වික්‍රමසිංහ මෙනවිය සමඟ විවාහ වු ජනාධිපති රාජපක්ෂ මහතා පුතුන් තිදෙනෙකුගේ පියෙකි.

අධ්‍යාපනය හා පූර්ව අවධිය

1945 නොවැම්බර් මස 18 වන දින වීරකැටියේ දී උපත ලද රාජපක්ෂ මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් තම ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය. ඉන් අනතුරුවකොළඹ නාලන්ද හා තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලයන්ගෙන් ද්විතීය අධ්‍යාපනය ලැබූ එතුමා 1974 දී කොළඹ නීති විද්‍යාලයයෙන් නීතිය පිළිබඳ උපාධිය ලබා ගත්තේ මානව හිමිකම් සම්බන්ධයෙන් තිබූ සුවිශේෂී උනන්දුව නිසා ම ය.

1994 සිට 2001 දක්වා ඇමතිධූරයක් දැරූ කාල වකවානුව පවා තම පාර්ලිමේන්තු ජීවිතයේ දී පවා තංගල්ලේ සිට ඉතා කැපවීමකින් තම නීතිමය කාර්යයන් ද කර ගෙන යාමට එතුමා උත්සාහ කළේ ය.

ප්‍රතිපත්තිවලට සහ පක්ෂයට පක්ෂපාතිත්වය දැක්වීම රාජපක්ෂ මහතාගේ දේශපාලන දර්ශනයයි. පක්ෂපාතිත්වය ඔහු තම පියාගෙන් උරුම කර ගන්නා ලද්දකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1951 දී එක්සත් ජාතික පක්ෂය හැර දමා පළාත් පාලන ඇමති ධූරයෙන් සහ සභානායක පදවියෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමට ගිය අවස්ථාවේ දී ඔහු පසුපසින් ගොස් විපක්ෂයේ අසුන්ගත් එකම මන්ත්‍රීවරයා වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියා වූ ඩී. ඒ. රාජපක්ෂ මහතා ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවූයේ ඉන් පසුවය. ඩී. ඒ. රාජපක්ෂ මහතා එහි පුරෝගාමී කිහිපදෙනාගෙන් කෙනෙකි.