ප්‍රේමසිරි කේමදාස (Premasiri Kemadasa)

. Posted in සංගීතවේදීන්

ජීවන තොරතුරු

1937 ජනවාරි 25 දා ගුරුගේ සිවියොන් පෙරේරාට හා ඇලන් නෝනා පෙරේරාට දාව උපන් කේමදාස, දරුවන් නව දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා විය. තල්පිටිය පිරිමි පාසල, වාද්දුව රජයේ පිරිමි පාසල, පානදුර ශ්‍රී සුමංගල විදුහල යන විදුහල්වලින් ඔහු අධ්‍යාපනය හැදෑරීය.

අනගාරික ධර්මපාලතුමා (Anagarika Darmapala Thuma)

. Posted in ජාතික වීරවරයන්

ජීවන තොරතුරු

එච්.දොන් කරෝලිස් සහ මල්ලිකා ගුණවර්ධන යන අඹුසැමි යුවලට දාව 1864 සැප්තැම්බර් 17 යන දින උපන් දොන් ඩේව්ඩ් හේවාවිතාරණ, ළදරු අවධියේ සිටම ජාති ආලයකින් කටයුතු කළේය. එතුමා පිටකොටුවේ මේරි විදහල, කොටහේනේ ශාන්ත බෙනඩික් (1870-1874), ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහල (1878-1883), කෝට්ටේ ක්‍රිස්තියානි පාසැල, කොළඹ රාජකීය විදුහල, මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන යන පාසැල් වලින් අධ්‍යාපනය ලද්දේය.

අයිරාංගනී සේරසිංහ (Irangani Serasinghe)

. Posted in නාට්‍ය හා සිනමා

ජීවන තොරතුරු

1927 ජූලි 09 දා කෑගල්ල, මීදෙනියේදී  මොළමූරේ පරම්පරාවේ උපන් ඇය නමින් අයිරාංගනී රොක්සානාය. ඇය මහනුවර ශාන්ත පීතර් කන්‍යාරාමය, මහනුවර බිෂොප්ස් විද්‍යාලය හා මහනුවර උසස් බාලිකාවෙන් අධ්‍යාපනය ලැබුවාය.

ඩී.ඇස්.සේනානායක (D.S.Senanayake)

. Posted in දේශපාලඥ‍යන්

ජීවන තොරතුරු

ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිතුමා ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ  ඩී.ඇස්.සේනානායක මහතා 1884 වර්ෂයේ ඔක්තෝම්බර් 20 දා උපත ලැබීය.ඔහුගේ පියා දොන් ස්ටෙපර් සේනානායක මැතිතුමා වන අතර මව කැතරීන් එලිසබෙත් පෙරේරා මැතිනියයි.

බන්දුල විතානගේ (Bandula Vithanage)

. Posted in නාට්‍ය හා සිනමා

ජීවන තොරතුරු

පෝල් ද සිල්වා විතානගේ හා පියසීලි කනහැරආරච්චි යුවලට දාව 1940 සැප්තැම්බර් 11 වනදා බන්දුල ද සිල්වා විතානගේ දරුවා ගෝනගල දී උපත ලැබීය. සහෝදරයන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා වූ ඔහු අතුරුවැල්ල ප්‍රාථමික විද්‍යාලය, කොළඹ කේරි විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය යන විද්‍යාල වලින් අධ්‍යාපනය ලැබීය.

අරිසෙන් අහුබුදු (Arisen Ahubudu)

. Posted in විද්වතුන්

ජීවන තොරතුරු

ගුරු පියකු, කවියෙකු, ගී පබඳුවකු, ඉතිහාසවේදියකු, භාෂාවේදියකු, හෙළ හවුල් අනුනයුවකු, චරිතාපදාන රචකයකු, නාට්‍ය රචකයකු, නවකතා හා කෙටි කතාකරුවකු, ළමා කතාකරුවකු, පෙළ පොත් රචකයකු, සඟරා සංස්කාරකයකු, ශබ්දකෝෂ සංස්කාරකයකු, දෙසුවකු හා උතුම් මිනිසකු ලෙසින් සැට වසරකටත් අධික කාලයක් බස,රැස, දෙස යන තෙරුවන නැංවීමෙහිලා නොවහල් සේවාවෙක නියැළුණු, නියැළෙන අරිසෙන් අහුබුදු නමැති මහ හෙළයාණන්ගේ දිවි පවනින් බිඳක් මෙසේ සටහන් කරමු.