Special Events

සිරි බුද්ධගයා වන්දනා

Posted in Special Events

මේ මහා භද්‍රකල්පයේ පහල වූ කකුසඳ, කෝණාගම, කාශ්‍යප හා ගෞතම බුදුපියාණන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත්වුණ බුද්ධගයා පින් බිම ලෝක බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පත් වූ පුදු බිමකි.

ඒ උතුම් පුණ්‍ය භුමිය වෙසක් පෝදින ජාතික රූපවාහිනිය සමඟ වන්දනා කරගමු.

සිරි බුද්ධගයා වන්දනා උත්කර්ෂවත් උළෙල වෙසක් පුර පසළොස්වක පොහෝ දින (29-05-2018) පෙරවරු 5.30 සිට විකාශය ඇරබෙනු ඇත.

පෙරවරු 5.30ට ශබ්ද පූජාව, කිරි පිඬු පූජාවෙන්ද, පෙරවරු 6.30ට අති පුජ්‍ය මහාචර්ය කොටපිටියේ රාහුල අනු නායක ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනා වෙන්ද, පෙරවරු 8.30ට බුද්ධගයා ධර්ම සාකච්ජාවෙන්ද, පෙරවරු 11.00ට බුද්ධ පුජාවද, පස්වරු 02.00ට සත් පති වන්දනාවද, පස්වරු 03.00ට අතිපූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නායක ස්වාමීන්වහන්සේ සහ පූජ්‍ය හෑගොඩ විපස්සි ස්වාමීන්වහන්සේ විසින් පවත්වන ධර්ම සාකච්ජාවද, පස්වරු 6.00ට වජ්‍රාසන පූජාව, චීවර පූජාව, ආලෝක පූජාව සහ ධම්ම චක්ක පවත්වන සුත්‍ර දේශනාවෙන්ද මෙම උළෙල සමන්විත වනු ඇත.